සුරක්ෂිත විශ්වවිද්‍යාල පරිසරයක් සඳහා..........

 
  අප බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල ජීවිතය තුළ යම් කිසි ආකාරයක තර්ජන හෝ හිරිහැර වලට ලක්වී ඇත. මෙම තර්ජන හා හිරිහැර විවිධ ස්වරූප ගත හැක: නවකවදය, ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය, තර්ජන හා බියවැද්දවීම්, හිංසන. මෙම සිදුවීම් නිසාම බොහෝ විට විනෝදයෙන් හා අමතක නොවන සුන්දර අත්දැකීම් වලින් යුක්ත විය යුතු විශ්වවිද්‍යාල ජීවිතය භයානක හා අසහනකාරී එකක් විය හැකිය.  
  අප බොහෝ දෙනෙකු (ශිෂ්‍ය/ශිෂ්‍යාවන්, අධ්‍යනය, අනධ්‍යන හා පරිපාලන කාර්ය මණ්ඩල) අපගේ කාලයෙන් වැඩි කොටසක් විශ්වවිද්‍යාලය තුළ ගත කරන බැවින්, අප සැමට සුරක්ෂිත පරිසරයක් විශ්වවිද්‍යාලය තුළ පවත්වා ගෙන යාමේ වගකීමක් අප සැම දෙනාටම ඇත. එමෙන්ම එම සුරක්ෂිත පරිසරය නිර්මාණය කිරීම සඳහා විවධ වැඩසටහන් ආරම්භ කිරීමද කළ යුතුය.  
  මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි කිරීමේ ක්‍රමවේදය යනු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නව ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙන, විශ්වවිද්‍යාල ප්‍රජාවේහි සෑම සාමාජිකයකුටම, නවකවදය, ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය, තර්ජන හා බිය වැද්දවීම්, හිංසන පිළිබඳ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට භාවිත කළ හැකි ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය ඔස්සේ ඔබ විසින් ඉදිරිපත් කරන සියළු පැමිණිලි විමර්ශනය කරනු ලබන අතර, එවැනි සිදුවීම් වලට ගොදුරු වූවන්ට සහයෝගය සහ පිළියම් සපයනු ලැබේ.  
       
  මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කෙසේද?  
 
  • විශ්ව විද්‍යාලයේ ඕනෑම සාමාජිකයෙකුට ඔවුන් කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වුවහොත් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. මෙයට නවක වදය, හිරිහැර කිරීම සහ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ඇතුළත් වේ.
  • පැමිණිල්ල ඉදිරිපත් කළ පසු, අදාළ බලධාරීන්ට (උපකුලපති, ශිෂ්‍ය උපදේශකවරුන් වැනි) දැනුම් දෙනු ලබන අතර, ඔවුන් වහාම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ඇත.
  • නිශ්චිත කාල සීමාවක් තුළ පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට පිළිතුරක් ලබා දෙනු ඇත.
  • පැමිණිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ඔහු/ඇය තවදුරටත් පීඩාවට පත් නොවන බව සහතික කිරීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට විශ්වවිද්‍යාලය මඟින් ආරක්ෂාව සහ සහාය ලබා දෙනු ඇත.
 
     
  මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි කිරීමේ ක්‍රමවේදය විශ්වවිද්‍යාලයේ පවතින වෙනත් පැමිණිලි කිරීමේ ක්‍රමවේදයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද?  
 
  • පැමිණිලි ඉදිරිපත් කිරීම ඉතා පහසුයි - ඔබ අන්තර් ජාලය හරහා පෞද්ගලිකව හා රහසිගතව ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැක.
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඔබට සාධාරණ ප්‍රතිචාරයක් ලැබෙන තුරු ඔබගේ පැමිණිල්ල පිළිබඳව වැඩි දුර බලමින් අධීක්ෂණය කරනු ලබයි
  • පැමිණිල්ල විභාග කිරීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඇත. මෙමඟින් පැමිණිලි පාර්ශවය මෙන්ම චූදිත පාර්ශවයද අනවශ්‍ය ලෙස අපහසුතාවට පත්වීම මඟ හැරේ.
  • පැමිණිල්ල ඉදිරිපත් කළ පසු එම පුද්ගලයාට අවශ්‍ය සහාය ලබා දීම ආරම්භ කරයි. මෙසේ සහාය ලබා දීම විවිධ ආකාරයෙන් සිදු වේ. එනම් උපදේශනය, ආරක්ෂාව හා රැකවරණය මෙන්ම අධ්‍යාපන හෝ රැකියාව අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය සහාය ලබා දීම ආදී වශයෙන් වේ.
     
  ඉදිරිපත් කළ හැකි පැමිණිලි මොනවාද?
    ඔබ පහත කුමන හෝ ආකාරයේ සිදුවීමකට ලක් වී ඇත්නම්,
 
  • නවක වදයේ සියළු ආකාර
  • ලිංගික අතවර
  • ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය
  • තර්ජන හා බිය වැද්දවීම්
  • විවිධ ආකාරයේ හිරිහැර
  • හිංසන
     
  පැමිණිලි කළ හැක්කේ කාටද?
    විශ්වවිද්‍යාලයේ ඕනෑම සමජිකයෙකුට: ශිෂ්‍ය/ශිෂ්‍යාවන්, අධ්‍යනය ,අනධ්‍යන හා පරිපාලන කාර්ය මණ්ඩල
     
  පැමිණිලි සඳහා ප්‍රතිචාර දැක්වීමේ වගකීම දරන්නේ කවුද?
    ඔබගේ පැමිණිල්ලේ ස්වභාවය අනුව එය වෙනස් විය හැක. එහෙත් පොදුවේ පැමිණිල්ල විමර්ශනය කිරීමේ වගකීම පහත නිලධාරීන් වෙත පැවරේ.
 
  • උප කුලපති
  • නියෝජ්‍ය උප කුලපති
  • ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක
  • පීඨාධිපති
  • අංශාධිපති
  • විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව /සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලය
     
  සාවද්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් කුමක් සිදුවෙයිද?
    ඉදිරිපත් කරන සියළු පැමිණිලි විභාග කරනු ලබන අතර පැමිණිල්ල ඉදිරිපත් කළ පසු ඉල්ලා අස් කර ගත නොහැක. ඉදිරිපත් කළ පැමිණිල්ල සවද්‍ය බව ඔප්පු වුවහොත් පැමිණිලි පාර්ශවය විනය පරීක්ෂණයකට යටත් කරනු ඇත.